Blogger news

Saturday, January 28, 2012

බ්ලොග් එක iphone එකක් කරමුද ?

ඔයාලට කොහොමද ? මම නං හොදින් මම අදත් ඔයාලට ඉතා වටිනා දෙයක් තමයි අරන් අවේ මොකද දන්නවද ? හ්ම්ම්ම් ඔව් ඔව් ඔව් මේකත් බ්ලොග් සම්බන්ද දෙයක් තමයි. හැබැයි ටිකක් වෙනස් මොකද දන්නවද වෙනද දුන්නේ බ්ලොග් ගැජට් එකක්. අද දෙන්න යන්නේ බ්ලොග් ටෙම්ප්ලට් එකක්. මේ ටෙම්ප්ලට් එක ඇවිල්ල සුපිරිම ටෙම්ප්ලට් එකක්. ඔයාල දකිනවා ඇති නේද මගේ සිතේ එකේ මෙම්බර්ස් ල ගාන කියන්නත් ලැජ්ජයි මෙම්බර්ස් ලා එකයි. ඒ මම විතරයි :ඩි ඔයාලා මට කරන උදව්වක් විදියට මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා මට සහයක් වෙන්න. අපි එනන් දැන් වැඩේ පටන් ගමු.

Thursday, January 26, 2012

බ්ලොග් එක ලස්සන කර ගනිමු..............

  හ්ම්ම් යහලුවනේ ඔයාලට කොහොමද ? මමත් හොදින් මම කලින් පොස්ට් එකෙන් කියල දුන්නනේ ඔයාලට බ්ලොග් එකක් හදන විදිය. මම අද ඔයාලට මේ පොස්ට් එකෙන් කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් එක ලස්සන කර ගන්නේ කියලා. දැන් අපේ කස්ටිය ගොඩක් බ්ලොග් කරනවනේ. තාමත් බ්ලොග් එකක් පටන් ගත්තේ නැති කස්ටියට කියන්නේ බ්ලොග් එකක් පටන් ගන්නයි කියලා. දැන් කස්ටිය හිතයි බ්ලොග් එකක් හැදුවට අපට තියන වාසිය මොකක්ද ? කියලා වාසියක් නම් නැ. එත් කැමති නං ඔය මනි ටිකකුත් හොයාගන්න පුළුවන් 

Wednesday, January 25, 2012

බ්ලොග් එකක් මුල ඉදන්ම

හ්ම්ම්ම් යහලුවනේ මේ පැත්තේ සතියක් විතර එන්න බැරි උනා. ඔයාලට කොහොමද ? කියලත් අහන්න බැරි උනා. ඔයාලට කොහොමද ? මම නං අද ගොඩක් සතුටින් මොකද දන්නවද ? මට මගේ රස්තරන් අම්මා මට slt මෙගාලයින් කනේක්ශන් එක අරන් දුන්නා. අද අපි කතා කරන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳල හදන විදිය ගැන. බ්ලොග් ගැන දන දෙවෙනි පොස්ට් එක මේක. බ්ලොග් ගැජට් එකක් දුන්නට බ්ලොග් එකක් හදන විඉය කියල දුන්නේ නැ නේ. ඒ හින්ද මම හිතුවා ඔයාලට අද බ්ලොග් එකක් හදන විදිය ගැන කියල දෙන්න. මොකෝ හිතන්නේ  .......................

Friday, January 20, 2012

සෝපා සහා පිපා (SOPA & PIPA)

හ්ම්ම්ම් යහලුවනේ මේ දවස් වල හැමෝම වගේ කතා කරන දෙයක් තමයි සෝපා (SOPA) සහා පිපා (PIPA).  මොකක්ද මේ සෝපා සහා පිපා කියන්නේ. සෝපා සහා පිපා කියන්නේ යහලුවනේ ලෝක බලවතා වන ඇමෙරිකානු රජය විසින් හදුන්වා දුන් නීති කෙටුම්පත් දෙකකි. මොකක්ද සෝපා කියන්නේ Stop Online Piract Act. (SOPA). ඔතොකොට පිපා කියන්නේ මොකක්ද? පිපා කියන්නේ යහලුවනේ Protect IP Act (PIPA). දැන් අපේ යහළුවෝ කියයි මුන් මොනවා හදුනවා දුන්නත් අපිට මොකද කියලා එහෙම කියන්න එපා යහලුවනේ මේ නීති කෙටුම්පත් දෙකෙන් හානි වෙන්නේ අපි වගේ දුප්පත් රටවලට මිස ඔය ලොකු ලොකු බටහිර රටවල් වලට නොවේ.

Thursday, January 19, 2012

බ්ලොග් එකට එන කස්ටියට පෙන්න දිනය දාමුද ?

   යහලුවනේ ඔයාලා හොදින් නේද ? මමත් හොදින් හා හා මම දැනුත් අවේ ඔයාලට අලුත් දෙයක් අරගෙන. මම මේ අද දවසට දාන දෙවෙනි පොස්ට් එක. කළ්තිය කියයි දැන් මූට වෙන වැඩ නැද්ද කියලා කරන්න. හාපොයි මට නන් වෙන ඕන ටරම් වැඩ තියනවා කරන්න. වැඩ කිව්වේ පාඩම් කරන්න තියනවා පන්ති යන්න තියනවා :පි අපි දැන් වැඩේට බහිමු මම අද ගෙනාවේ බ්ලොග් සම්බන්ද දෙයක් මේක බ්ලොග් කරන කස්ටියට වැදගත් වෙයි. මම බ්ලොග් සම්බන්දව දාන පලවෙනි පොස්ට් එක.  මේක ඇවිල්ලා බ්ලොග් gadget එකක්. අපි එනන් වැඩේ පටන් ගනිමු නේද ? හරි පටන් ගිනිමු :ඩි මේකෙන් පුළුවන් අපේ කොල්ලන්ගේ බ්ලොග් එකේ දිනේ කස්ටියට පෙන්න දන්න.

සිංහලෙන් ටයිප් කරමුද ?



සුබ දවසක් හැමෝටම. මම අද ඔයාලට දෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතපු දෙයක්. කස්ටිය කියයි අයියෝ ඕක ගොඩක් පරණ දෙයක් කියලා එත් මේක නොදන්නා කස්ටිය ගොඩක්  ඉන්නවනේ එයාලට තමයි මේ පොස්ට් එක වැදගත් වෙන්නේ. මේ නොමිලේ සේවාව ලබාදෙන්නේ ගුගල් සමාගම විසිනි. මෙය ගුගල් සමාගම විසින් නම් කරලා තියෙන්නේ ගුගල් IME (google ime) ලෙසටයි. හැමදාම වගේ ගුගල් ලබාදෙන්නේ වැදගත් දෙයක්. හරියට මම වගේ :ලොල් 

Friday, January 13, 2012

මුහුණු පොතේ මුහුණු ටික අත ළඟටම. නියමයි නේ ????


  යහලුවනේ ඔයාලට කොහොමද ? මම නන් ටිකක් අප්සට් ගහලා ඉන්නේ මොකද අපේ ගෙදර කස්ටිය මම නිතරම කොම්පියුටරේ ගාව කියල මට බනිනවා :ඩි
එහෙමයි කියලා මට බැනේ ඔයාලව අතැරලා දාල ඉන්න. ඒ හින්දා මම අදත් අව ඔයාලට නියම බඩ්ඩක් දෙන්න. බඩ්ඩක් කිව්වට මම ඔයාලට අද බඩු දෙකක්ම දෙනවා කොහොමද පස්ටා නේ. අද නන් වැඩිය කතා කොරන්න වෙලා නැ මොකද මේ දැනුත් අපේ අම්මා බනිනවා. බනින්නෙත් මගේ හොඳට තමයි ඉතින් :ඩි මම අද ඔයාලට මුලින්ම දෙන බඩ්ඩ තමයි මුහුණුපොතේ මුහුණු ටික. අපේ කස්ටිය නන් කරන්නේ මෙන්න මේ වගේ අකුරු කොටලා :D :O තමයි අපි චැට් එකෙන් මුහුණු යවන්නේ. 


Thursday, January 12, 2012

යු ටියුබ් video නෙට් එකෙන්ම audio බවට හරවමුද ?

        
     ඉතින් කොහොමද යාලුවනේ මම අදත් ඔයාලට අලුත් දෙයක් අරගෙන අවා. මේක ඇවිල්ලා සුපිරිම බඩුවක්. දැන් කස්ටිය ගොඩක් අහන දෙයක් තමයි යු ටියුබ් video කොහොමද audio විදියට බාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔය ප්‍රශ්නෙට මම නියම විසදුමක් ගේනවා. මේකෙන් පුළුවන් යු ටියුබ් එකේ video විදියට audio විදියට බාගන්න.



Monday, January 9, 2012

අපේ ෆොටෝ නියමෙටම එඩිට් කරමුද ?

    හැමෝටම කොහොමද? මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනාට සමාවෙන්න ඕනි. මොකද දැන් ස්කොලෙත් පටන් අරගෙනනේ ඒ මදිවට තව පන්තිත්. පන්ති කට් කරන්නත් බැ නේ නේද ? :පි මම අද ඔයාලට ගෙනාවේ නියම බඩ්ඩක්. ගොඩක් කස්ටිය මේක ගැන දන්නවත් ඇති එත් නොදන්නා කස්ටියත් ඉන්නවනේ එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි.  හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්. අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ  එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.  


 

Tuesday, January 3, 2012

මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක දාගමුද ?


           අහ්හ්හ් කස්ටියටම කොහොමද? මම අදත් ගෙනාවේ ඔයාලා ආසම කරන දෙයක්. කස්ටිය දන්නවනේ මුහුණු පොතේ අලුත් ප්‍රොෆයිල් එක ගැන. එන්න එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. කොහොම උනත් අපේ සමහරක් කස්ටිය මේ අලුත් ප්‍රොෆයිල් එකට පොඩ්ඩක්වත් කැමති නැ. කැමති නැ කියල දැන් මොනවා කරන්නද? එත් තවමත් අපේ සමහරක් කස්ටියට මේ අලුත් ප්‍රොෆයිල් එක තාම ඈක්ටිවූ වෙලා නැ නේ. 



Sunday, January 1, 2012

Barn Buddy Credit ගමුද?



           
                              අහ්හ් කස්ටියට කොහොමද? 2012 ලැබුවා නේ. ඔන්න ඉතින් මම ජනවාරි  1 වේනිදම barn buddy ගහන කට්ටියටම ලොකු තෑග්ගක් දෙන්න තමයි යන්නේ. දැන් අපේ barn buddy ගහන කොල්ලෝ කෙල්ලෝ ටික බලයි මුට පිස්සුද කියල මොකද දන්නවද? එහෙම කට්ටිය හිතන්නේ අපේ barn buddy ගහන කොල්ලෝ කෙල්ලෝ ටික දන්නවා  දැන් එක එක සොෆ්ට් දාලා ip එක hide කරාට barn buddy credit ( offers ) දෙන්නේ නැ කියලා. ඒ උනාට මම කියලා දෙන මේ වැඩෙන් නන් barn buddy credit ගන්නවට අමතරව තව Pool Live Tour credit ගන්නත් පුළුවන්.

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger