Blogger news

Thursday, January 19, 2012

බ්ලොග් එකට එන කස්ටියට පෙන්න දිනය දාමුද ?

   යහලුවනේ ඔයාලා හොදින් නේද ? මමත් හොදින් හා හා මම දැනුත් අවේ ඔයාලට අලුත් දෙයක් අරගෙන. මම මේ අද දවසට දාන දෙවෙනි පොස්ට් එක. කළ්තිය කියයි දැන් මූට වෙන වැඩ නැද්ද කියලා කරන්න. හාපොයි මට නන් වෙන ඕන ටරම් වැඩ තියනවා කරන්න. වැඩ කිව්වේ පාඩම් කරන්න තියනවා පන්ති යන්න තියනවා :පි අපි දැන් වැඩේට බහිමු මම අද ගෙනාවේ බ්ලොග් සම්බන්ද දෙයක් මේක බ්ලොග් කරන කස්ටියට වැදගත් වෙයි. මම බ්ලොග් සම්බන්දව දාන පලවෙනි පොස්ට් එක.  මේක ඇවිල්ලා බ්ලොග් gadget එකක්. අපි එනන් වැඩේ පටන් ගනිමු නේද ? හරි පටන් ගිනිමු :ඩි මේකෙන් පුළුවන් අපේ කොල්ලන්ගේ බ්ලොග් එකේ දිනේ කස්ටියට පෙන්න දන්න.

අහ්හ්හ් අපි දැන් වැඩේ පටන් ගනිමු. මේකේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඔයාලා මුලින්ම ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙන්න. ඊට පස්සේ  Design >> Edit HTML >> Expand Widget Templates යන්න.  ඊට පස්සේ ctrl + f ගහන්න. ඊට පස්සේ එන  serch bar එකේ මෙන්න මෙහෙම ටයිප් කරන්න.
මෙන්න මෙහෙම : </head>


ඔන්න ඔය රූපේ තියනවා වගේ ඔන්න ඔය </head> ඉවර වෙන තැනටම මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න.
<script src='http://4444444444r.googlepages.com/current-date.js' type='text/javascript'/>
දැන් ඔතන තියන  Save Template දෙන්න.
ඔයාලා දැන් Design >> Page Element >> Add a Gadget >> HTML/Javascript යන්න.
Title කියන තැනට ඔයාලා කැමති එකක් දෙන්න. හරියට අද දිනය වගේ :ලොල් Content කියන තැනට මෙන්න මේ කෝඩ් එක කොපි කරන්න.
<script>showCurrentDate();</script>
දැන් save දෙන්න. දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න ලස්සනට දිනය වැටිලා ඇති.
එනන් මම කැපුනා. සුබ දවසක්.

0 comments to “බ්ලොග් එකට එන කස්ටියට පෙන්න දිනය දාමුද ?”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger