Blogger news

Wednesday, January 25, 2012

බ්ලොග් එකක් මුල ඉදන්ම

හ්ම්ම්ම් යහලුවනේ මේ පැත්තේ සතියක් විතර එන්න බැරි උනා. ඔයාලට කොහොමද ? කියලත් අහන්න බැරි උනා. ඔයාලට කොහොමද ? මම නං අද ගොඩක් සතුටින් මොකද දන්නවද ? මට මගේ රස්තරන් අම්මා මට slt මෙගාලයින් කනේක්ශන් එක අරන් දුන්නා. අද අපි කතා කරන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳල හදන විදිය ගැන. බ්ලොග් ගැන දන දෙවෙනි පොස්ට් එක මේක. බ්ලොග් ගැජට් එකක් දුන්නට බ්ලොග් එකක් හදන විඉය කියල දුන්නේ නැ නේ. ඒ හින්ද මම හිතුවා ඔයාලට අද බ්ලොග් එකක් හදන විදිය ගැන කියල දෙන්න. මොකෝ හිතන්නේ  .......................

බ්ලොග් බ්ලොග් බ්ලොග් ඇත්තටම බ්ලොග් කියන්නේ මොකක්ද ? මමත් හරියටම දන්නේ නැ :පි ඒ උනාට මම නං බ්ලොග් පාවීචචි කරන්නේ යමක් කියල දෙන්න. ඒ මොනවා උනත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් එකක් මුල ඉඳලා හදන විදිය.
මම පහතින් රුප රාමු මගින් දක්වන්නන් බ්ලොග් එකක් හදන විදිය ගැන....


ඔය ඔතන තියන email කියන තැනට ඔයාගේ email address එකයි. Password කියන තැනට ඔයාගේ email එකේ password එක දෙන්න.
මෙතන තියන විස්තර ටික පුරවලා continue දෙන්න.
මෙන්න මේකට Create Your Blog Now දෙන්න.
මෙතන තියන Blog Title කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ මාතෘකාව දෙන්න.
Blog address (URL) කියන තැනට බ්ලොග් එකේ ඇඩ්රස් එක දෙන්න. 
උදාහරණයක් : chamodsanjaya.blogspot.com
මේ විස්තර පුරවලා continue ලබාදෙන්න.
මෙතනින් ඔයා කැමති ටෙම්ප්ලට් එක දීලා continue දෙන්න. කැමති නං පස්සේ වෙනස් කරගන්න පුළුවන්.
මෙන්න මේකට  START BLOGGING දෙන්න.
දැන් ඔයාගේ බ්ලොග් එක හදල ඉවරයි.

0 comments to “බ්ලොග් එකක් මුල ඉදන්ම”

Post a Comment

 

Chamod Sanjaya Copyright © 2011 -- -- Powered by Blogger